පිරමීඩ ජාවාරමුන් දෙස මහ බැංකුවේ ඇස

142

මහ බැංකුව විසින් දැනටමත් නම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමවලට අමතරව තවත් පිරමීඩ වංචාකරුවන් සිටිය හැකි බවත් ඔවුන් පිළිබඳව ද ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශනය කරමින් සිටින බවත් මහ බැංකුව පවසයි.

මෙම වංචනික ව්‍යාපාර ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදය සපයන අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් යහපත් ආයතන හෝ පුද්ගලයන් ලෙස සමාජයේ පෙනී සිටීමට උත්සාහ ගන්නා බව ද මහ බැංකුව කියයි. එහෙත් ඒ සඳහා නොරැවටෙන ලෙසත් තමන් උපයා ගත් මුදල් රැකගන්නා ලෙසත් මහ බැංකුව මහජනතාවට අවවාද කර සිටී. දැනටමත් මහ බැංකුව විසින් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් පිළිබඳව මාධ්‍ය ඔස්සේ මහජනයා දැනුවත් කර ඇත. එහෙත් එම ලැයිස්තුවේ දැනට ක්‍රියාත්මක සියලුම පිරමීඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බව ද මහ බැංකුව තවදුරටත් මහජනයාට දන්වා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment