පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ කුඩා දැරියකගෙන් අද්විතීය වාර්තාවක්

3688

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 26 ක ක්‍රියාත්මක වන චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් අඩුම කාලයකින් වේගයෙන් ඇවිදීමට හැකි දැරියක් ලෙස තෝරා ගත් හිරුකි බිනෝද්‍යා දැරියගේ දක්ෂතාවය විනිශ්චය කරුවන් ඉදිරියේ පෙන්වීමේ තරගය පසුගියදා කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලය අසලින් ආරම්භ වූයේය.එහිදී පැය 1 විනාඩි 29 තත්පර 20 ක කාලයකදී බිනෝද්‍යා තරගය නිමා කරමින් නව වාර්තාවක් පිහිටුවා ඇත.

කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ජි. හිරුකි බිනෝද්‍යා සිසුවිය කරාටේ ශූරියක් ද වේ. මෙම තරගය විනිශ්චය සඳහා චෝලන් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධායක මණ්ඩලයේ නිලධාරීහූ ද එක්ව සිටියහ.

පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති ජී. ජී. එස්. එස්. චන්ද්‍ර සිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසුන්ද මෙම අවස්ථාවේදී බිනෝද්‍යාට සහාය දැක්වීමට එක්ව සිටියහ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම


advertistmentadvertistment