පි‍්‍රයන්ත කුමාරගේ දරු පවුලට විදේශ සේවා නියුක්තියෙන් ලක්‍ෂ 25ක්

176

පාකිස්තානයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ එරට පෞද්ගලික ආයතනයක සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ පි‍්‍රයන්ත කුමාර මහතාගේ බිරිඳට හා දරුවන්ට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රුපියල් ලක්‍ෂ 25ක චෙක්පත් ලබාදීම ඊයේ (04 දා) සිදු කෙරිණි. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන් විසින් කාර්යාංශයේ ප‍්‍රධාන කාර්යාලයේදී එම චෙක්පත් භාරදෙන ලදී. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඞී. ඞී. පී. සේනානායක යන මහත්වරු එක්වී සිටියහ.


advertistmentadvertistment