පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයැදුම්පත් 12දා තෙක් භාරගනී

25

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අයැදුම්පත්‍ර භාර ගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඡන්ද බලප්‍රදේශය අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මගින් අයැදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු වෙයි.

2024 ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළාත් පාලන ආයතනය සියලු ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කරන බව ද කොමිසම පවසයි.

රනිල් ධර්මසේන


advertistmentadvertistment