පුංචි ඡන්ද පෙත්සම් විභාගය අවසන් – උසාවියේ නිගමනය ජනපතිට හා කථානායකට

102

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (27දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය අධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට හා ජනාධිපතිවරයාට යොමු කරන බව නිවේදනය කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිශාම් කාරියප්පන් මහතා ඇතුළු පාර්ශ්ව හතරක් ගොනුකර තිබූ එම පෙත්සම් විභාගය පුරා දින දෙකක් තිස්සේ යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 වසරේ කැඳවා තිබූ නාම යෝජනා අහෝසිකර අලුතින් නාම යෝජනා කැඳවා ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නැයි පෙත්සම්කරුවන් එමගින් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment