පුරුද්දට ගිය දුම්රිය ප්‍රමාදයෙන් කාර්යාල සේවකයෝ නන්නත්තාරයි!

54

පුරුද්දට මෙන් දිනපතා සිදුවන දුම්රිය ප්‍රමාදය නිසා කාර්යාල සේවකයන් මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා දුම්රියේ ගමන් ගන්නා මගීන් ඉතාමත් අපහසුතාවට පත්වන බව මගී ජනතාව කියති.

සතියේ දින පහෙන් වැඩි ප්‍රමාණයක් දුම්රිය ප්‍රමාදය නිසා රැකියාවට යෑම දිනපතාම ප්‍රමාද වන බව ඔවුහු පෙන්වා දෙති. ඊයේ (29දා) දිනයේ ද උඩරට මාර්ගයේ මේ අයුරින් උදෑසන සිටම දුම්රිය ධාවනය වූයේ බොහෝ ප්‍රමාදවීය. මේ හේතුවෙන් කාර්යාල සේවකයන්ට ප්‍රධානීන්ගේ අප්‍රසාදයට මෙන්ම දෝෂ දර්ශනයටද ලක්වීමට සිදුව ඇත. දහස් ගණනක් පිරිස දිනපතා දුම්රියෙන් යන්නේ ආසාවට නොවේ. උදේ පාන්දර නැගිට නිවසේ දහසක් වැඩකර දරුවන්ගේ වැඩකටයුතු නිමාකර තමන් සේවය කරන තැනට දුවන්නේ රාජකාරිය දේවකාරිය මෙන් සලකාගෙනය. නමුත් දිගින් දිගටම සිදුවන මෙවැනි සිදුවීම්වලින් මගී ජනතාවට විශාල අපහසුතාවකට පත්වීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සොයාබලා ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙස මගී ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

සුජාතා ජයරත්න


advertistmentadvertistment