පුල්මුඩේ සිසුවෙක් බ්ලේඩ් එකකින් තව සිසුවකුගේ ගෙල කපලා

21

ත්‍රිකුණාමල පුල්මුඩේ ප්‍රදේශයේ රජයේ විදුහලක උසස් පෙළ හදාරන සිසුවෙකු 10 ශ්‍රේණියේ සිසුවකුගේ ගෙල බ්ලේඩ් එකකින් කැපීම නිසා එම සිසුවා තුවාල ලබා ත්‍රිකුණාමල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම සිද්ධියේ සැකකාර සිසුවා ද පුල්මුඩේ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

පොලිසිය කියන අන්දමට තරුණියක් සමග ඇතිකරගත් ප්‍රේම සබඳතාවයක් මුල්කරගෙන ඇතිවූ ආරවුලක් නිසා මෙම සිද්ධිය වී ඇත. මෙම සිද්ධිය දුරදිග යෑම වැළැක්වීම සඳහා පොලිසිය එම දරුවන්ගේ මව්පියන් කැඳවා කරුණු පහදා දී තිබේ.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment