පෙරළි කරමින් ඇමෙරිකාව කරළියට එයි – පකිස්ථානයට එරෙහිව සුපිරි ජයක්

1

පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් සත්කාරක ඇමරිකානු ක්‍රීඩකයෝ පකිස්ථානය පරදා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට පෙරේදා (06දා) සමත්විය.

තරගාවලියේ 11 වන තරගය ලෙස ඩලස්හිදී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමට සමත්වූ අතර ඇමෙරිකාව ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159ක් ලබා ලකුණු සම විය.

ඒ හේතුවෙන් තරගයේ ජය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර සුපිරි පන්දු වාරයේ පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව කිසිවකු නොදැවී ලකුණු 18ක් ලබාගැනීමට සමත්වූ අතර පකිස්ථානයට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 13ක් පමණි. ඒ අනුව ලකුණු 5 ක තියුණු ජයක් ලබාගැනීමට ඇමෙරිකානු කණ්ඩායම සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඇමෙරිකානු කණ්ඩායම ලද දෙවන ජය ලෙස සටහන් විය.

පන්දුවට පහරදීමේදී පකිස්ථානය වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 44ක්, ෂදාබ් ඛාන් ලකුණු 40ක් සහ ෂහීන් අෆ්රිඩි ලකුණු 23ක් ලැබූහ. පන්දු යැවීමේදී ඇමරිකාව වෙනුවෙන් නශ්තුෂ් කන්ජිගෙ ලකුණු 30කට කඩුලු 3ක්, සවුරාබ් නෙත්රවකර් ලකුණු 18කට කඩුලු 2ක්, අලී ඛාන් ලකුණු 30කට කඩුලු 1ක් සහ ජස්දීප් සිං ලකුණු 37කට කඩුලු 1ක් දවාගැනීමට සමත්විය.

පන්දුවට පහරදීමේදී ඇමෙරිකාව වෙනුවෙන් නායක මොනානක් පටෙල් ලකුණු 50ක්, ඇන්ඩි්‍රස් ගවුස් ලකුණු 35ක් සහ එරෝන් ජෝන්ස් ලකුණු 36ක් ලැබීය.

පන්දු යැවීමේදී පකිස්ථානය වෙනුවෙන් මොහමඩ් අමීර් ලකුණු 25කට කඩුලු 1ක්, නෂීම් ෂා ලකුණු 26 කට කඩුලු 1ක්, හැරිස් රාවුෆ් 37කට කඩුලු 1ක් බිඳහෙලීය.

ඇමෙරිකානු කණ්ඩායමේ නායක මොනාක් පටෙල් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු සාරාංශය

පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 යි.

බාබර් අසාම් 44, ෂදාබ් ඛාන් 40, ෂහීන් අෆ්රිඩි 23.

(නශ්තුෂ් කන්ජිගෙ 30-3, සවුරාබ් නෙත්රවකර් 18-2, අලී ඛාන් 30-1, ජස්දීප් සිං 37-1.)

ඇමෙරිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 159යි.

මොනානක් පටෙල් 50, ඇන්ඩි්‍රස් ගවුස් 35, එරෝන් ජෝන්ස් 36.

(මොහමඩ් අමීර් ලකුණු 25-1, නෂීම් ෂා 26-1, හැරිස් රාවුෆ් 37-1.)

advertistmentadvertistment
advertistmentadvertistment