පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව අදින් (9 දා) අවසන් වීමට නියමිතය.
පොලිස්පති ධුරයට ජ්‍යෙෂ්ඨත්ය මත සුදුසුම් ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනකු සිටින අතර ඉන් එක් අයෙකු මෙම තනතුර සඳහා පත්කරනු ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහත්වරු පොලිස්පති තනතුරට සුදුසුකම් ලබන ජ්‍යෙෂ්ඨයෝ වෙති.
මේ වන තෙක් නව පොලිස්පති ධුරයට කිසිවකු නම් කර නොමැති අතර ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දින කීපය ඇතුළත රැස්වී මේ පිළිබඳව ස්ථිර නිගමනයකට එළඹෙනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
නෝමන් පලිහවඩන