පොලිස් ලොක්කාට වෙඩි තබනවා කියූ කොස්තාපල්ගේ වැඩ තහනම්

72

මාතර දෙයියන්දර පොලිසියේ උසස් නිලධාරියකු වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කළ එම පොලිසියේ කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කර ඇත.

මෙම කොස්තාපල්වරයාට එරෙහිව විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.රාජකාරි කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු මෙම කොස්තාපල්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරියාව වෙඩි තබා ඝාතනය කරන බවට තර්ජනය කළ බව පොලිසිය පවසයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment