උසාවි නියෝග මත කුරුණෑගල රෝහලට ගෙනා රැඳවියාට මාංචු දමා ආරක්ෂාවට සිටි නිලධාරියා මිසින් වෙලා

210

ඉහළ නිලධාරීන්ට කතා කළත් වැඩක් වී නැහැ
රෝගියා ඇඳෙන් බස්ස ගන්න බැරි නිසා ප්‍රතිකාර ලබා දෙන්නත් බැරි වෙලා

මහෙස්ත්‍රාත් නියෝග මත වාරියපොල බන්ධනාගාර ආරක්ෂක නිලධාරියෙකු යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ 31 වාට්ටුවේ හදිසි ප්‍රතිකාර සඳහා ඇදක් මත විලංගු ලා සිටි සැකකරුට ආරක්ෂාව සැපයූ බන්ධනාගාර ආරක්ෂකයා රහසිගතව රෝහලින් අතුරුදන්වීම නිසා සැකකටයුතු රෝගියා වෛද්‍ය පරීක්ෂණ සඳහා අදාළ ස්ථානයට රැගෙන යෑමට නොහැකිව වෛද්‍යවරු පැය ගානක් පුරා ලතැවීමේ පුවතක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තා විය. ඉකුත් 26 දින පෙරවරුවේ දෑතට මාංචු දැමූ සැකකරුවෙකු සමග පැමිණි බන්ධනාගාර ආරක්ෂක නිලධාරියෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ 31 වාටිටුවේ සේවකයින්ගේ සහයෝගයෙන් ඇඳක විලංගු ලා අධිකරණ නියෝග මත ඔහුගේ ආරක්ෂාවට එහි නතරවීම සිදුවිය යුතුව තිබුණත් රාජකාරිය පැහැර හැරි ආරක්ෂකයා රහසිගතව රෝහලින් අතුරුදන්වී ඇත.

අධිකරණ නියෝග මත සැකකටයුතු පුද්ගලයාට අදාළ ප්‍රතිකාර ලබාදීමට ඔහු ගේ, මූත්‍රා සාම්පලයක් ලබාගැනීමට වෛද්‍යවරයාට අවශ්‍යව තිබුණත් ඇඳ මත, විලංගු ලා සිටින සැකකරු ස්ථානයෙන් රැගෙන යෑමට නොහැකිවීම නිසා වෛද්‍යවරුන් මෙන්ම සාත්තු සේවක සේවිකාවන් දැඩි අපහසුතාවට පත්වී රෝහල් පොලීසිය දැනුවත් කළත් එය පොලීසියේ රාජකාරියක් නොවන බව පවසා ඇත. රාජකාරිය පැහැර ගොස් සිටි බන්ධනාගාර ආරක්ෂක නිලධාරියාට දුරකතන ඇමතුමක්

මගින් රෝහල් පොලීසිය දැනුවත් කළත් ඔහු රෝහලට පැමිණි නැති බව පැවසූහ. වාරියපොල බන්ධනාගාරයේ අදාළ නිලධාරීන් දැනුවත් කළත් සුදුසු පියවරක් නොගැනීම නිසා සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර අහිමිවීමක් සිදුවූ බවට තොරතුරු අනාවරණය විය.
ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල

advertistmentadvertistment
advertistmentadvertistment