පොලිස් සහන මැදිරියට යළි පණ දෙයි

207

පසුගිය කාලයේ අවලංගු කර තිබූ පොලිස් මහජන සහන ‘මැදිරිය’ යළි ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබාදී තිබේ.

අංක 140, සර් චින්තපලම් ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02 යන ලිපිනයෙහි පිහිටි නව පොලිස් මූලස්ථානයේදී පොලිස් මහජන සහන මැදිරිය ක්‍රියාත්මක වේ.

ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනකම පෙ.ව. 9 සිට පස්වරු 02 දක්වා ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

පොලිස් ස්ථාන සහ විමර්ශන අංශ වෙත මහ ජනතාව විසින් කරනු ලැබූ සිය පැමිණිලිවලට අපේක්ෂිත සහනයන් නොලැබුණි නම් ඒ පිළිබඳව පොලිස් මහජන සහන මැදිරිය හරහා පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට යළි පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.

සුජීව තත්සර


advertistmentadvertistment