පොලිසිය ඇතුළේදීම පොලිසියට අල්ලස් දෙන්න හදලා

227

මත්පෙති සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මුදා ගැනීම සඳහා රුපියල් පනස්දහසක අල්ලස් මුදලක් පොලිසිය තුළදීම පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට තැත් කළ පුද්ගලයකු පෙරේදා (13 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව නාගොල්ලාගම පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ හිරියාල, අඹගස්වැව පදිංචි අයෙකි.

මත්පෙති ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ හිරියාල හා කුඹුක්ගැටේ පදිංචි 24 හා 28 යන වයස්වල පසුවන දෙදෙනෙකි.

සැකකරුවන් මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment