සමාගම් පස්ස ගැහුවොත් වැවිලි ඉඩම් කම්කරුවන්ට: ඇමැති නිමල් සිරිපාල

91

වැවිලි සමාගම්වලට අයත් ප‍්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා ඇති ඉඩම් ආර්ථික ඵලදායි ක‍්‍රියාවලියකට යොමුකිරීම සඳහා වතු කම්කරු ජනතාවට හෝ ප‍්‍රදේශයේ තරුණ පිරිස්වලට බෙදා දීමට රජය තීරණය කර ඇතැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

කළමනාකරණය සඳහා වතු සමාගම්වලට පවරා දුන් රජයේ වතු මේ වනවිට කිසිදු ආර්ථික ප‍්‍රයෝජනයකට නොගෙන වල්බිහි වී ඇති ඉඩම් විශාල ප‍්‍රමාණයක් තිබෙන බවට වාර්තා වී ඇති බැවින් රජය මෙම තීරණය ගෙන ඇත.

මෙලෙස ප‍්‍රයෝජනයට නොගෙන වතුවල ඉඩම් රජයට පවරාගැනීම සඳහා වූ ඌන උපයෝගීතා පනත රජය විසින් මේ වනවිට සකස්කර ඇති බවත් ඒ අනුව මෙලෙස ප‍්‍රයෝජනයට නොගෙන ඇති ඉඩම් ආර්ථික ඵලදායී ක‍්‍රියාවලියකට යොමුකිරීමට අදාළ වැවිලි සමාගම්වලට මාස හයක කාලයක් ලබාදෙන බවත් හෙතෙම පැවැසීය.

ලබාදෙන මාස හයක කාලයේදී ආර්ථික ඵලදායී ක‍්‍රියාවලියකට යොදා නොගන්නේ නම් එම ඉඩම් ජනතාවට ලබාදී ආර්ථික ඵලදායි ක‍්‍රියාවලියකට යෙදවීමටත් එම ඉඩම් කෘෂිකාර්මික, පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සඳහා එම ජනතාවට යොදාගත හැකි බවත් ඉඩම්වල අයිතියක් ලබා නොදෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment