ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද හේතුවෙන් වසා දමන ලද ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ දොරටු ඊයේ (29 දා) දැඩි රැකවල් මැද්දේ පොලිසිය විසින් විවෘත කරන ලදී.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය විසින් පත්කර ගන්නා ලද නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් දොරටු විවෘත කරන අවස්ථාවට පැමිණ සිටියහ.
ශ්‍රීලනිපයේ පැවැති අර්බුදකාරී අවස්ථාවේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් මීට සති දෙකකට ඉහතදී පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී මූලස්ථානයේ
ලිපිගොනු කිහිපයක් අස්ථානගත වී ඇතැයි හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව ඊයේ පොලිසිය සොකෝ නිලධාරීන්ගේ සහාය ඇතිව පොලිස් කැරලි මර්දන ඒකකය ද කැඳවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය විවෘත කර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළේය. පක්ෂ මූලස්ථානයේ දොරටු විවෘත කිරීමත් සමග පක්ෂයේ කටයුතු සාමාන්‍ය ලෙස ඉදිරියට ගෙනයෑමටත් වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත කටයුතු කිරීමටත් පියවර ගන්නා බව වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.
අරුණ බෝගහවත්ත