පෝට්සිටි ව්‍යාපෘති දෙකකට කැබිනට් අනුමැතිය

203

කොළඹ වරාය නගරයෙහි ආයෝජන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ආසිරි පෝට්සිටි හොස්පිටල් (පෞද්ගලික) සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර රෝහලක් සංවර්ධනය කිරීමට සහ ටික්රි සොෆ්ට්වෙයාර් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ඩොලර් 100,000 ක ආරම්භක සෘජු විදේශ ආයෝජනයක් සහිතව තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉදිරිපත් කළ යෝජනා දෙකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනා දෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මෙම ව්‍යාපෘති දෙක ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීක ව්‍යාපාරයක් වශයෙන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මේ අනුව පියවර ගනු ලැබේ.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment