පෞද්ගලික ත්‍රිරෝද රථ සඳහා HOPPR නමින් අලුත් ඇප් එකක්

718

පෞද්ගලික රථ ධාවනයෙන් මුදල් ඉපයීම් සේවාවකට වඩා වැඩි අගයක් හඳුන්වා දෙන HOPPR යනු මූල්‍ය නිදහස බලගන්වන ඩිජිටල් මෙවලමක් වන අතර PayMaster සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වන මෙයින් මුදල් භාවිතයකින් තොරව ගමනක් යෑමට සහ දිගුකාලීන ආදායම් මාර්ග ලබාදෙනු ඇත.

රියැදුරන්ට CREDDY යෙදවුම මඟින් වෙනත් ආදායම් මාර්ග පිළිබඳ දැනුවත් කිරීම සිදුවන අතර රියැදුරන්ට රු. 50000/- දක්වා ණය සීමාවකට යටත්ව පොලී රහිතව මුදල් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. ඊට අමතරව මේ ණය පහසුකම තුළින් එදිනෙදා වියදම් පියවා ගැනීම, ඉන්ධන සහ වාහන අලුත්වැඩියාව, ඔවුන්ගේ එදිනෙදා මූල්‍ය අවශ්‍යතාවන්ගේ හිඩැස් පුරවා ගැනීම මෙන්ම මූල්‍ය ස්ථාවරත්වය ළඟාකර ගැනීම උදෙසා ද භාවිතා කළ හැක.

PayMaster හි අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රන්සික ද සිල්වා මහතා අදහස් දක්වමින් පැවසුවේ, “අප විසින් HOPPR App එක සමඟ රියැදුරා කේන්ද්‍ර කරගත් පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එහිදී තමන්ගේ රථය ධාවනය කර මුදල් උපයා ගන්නන්, ඩිජිටල් ගෙවීම්, ණය ප්‍රවේශයන් සහ විවිධ වූ වෙනත් ආදායම් රැස්කර ගැනීමේ මාර්ග පුළුල් කරගැනීමේ අවස්ථාව ලැබෙන අතර එසේම මෙහිදී අදාළ රියදුරා විසින් වෙනත් රියදුරෙකු වෙත චාරිකාව යොමු කිරීමේ පහසුව නිසා රියැදුරාට විශේෂ කොමිස් මුදලක්ද ලබා ගත හැකි බවයි.


advertistmentadvertistment