ප‍්‍රහාරක කණ්ඩායමක් තමා ඝාතනය කිරීමට වෙඩි තබන බව හිටපු හයිටි ජනපති දැන්වුවත් පොලිසිය පැමිණියේ නැහැ

196

ප‍්‍රහාරක කණ්ඩායමක් තමා මරා දැමීමට වෙඩි තබන බවට හයිටි ජනපති මොයිසේ විනාඩි 10 ක් තිස්සේ හයිටි පොලිසියටත් උසස් නිලධාරියකුටත් දන්වා සිටියත් ඔවුන් කිසිවෙකුත් පැමිණ නැතැයි විමර්ශනවලදී හෙලිවී ඇත. පොලිසිය පැමිණ ඇත්තේ ජනපති ඝාතනය වීමෙන් පසුවය. පසුගිය ජුලි 7 දා අලූයම 1.34 ට

 හයිටි ජනපතිවරයා මේ බව දන්වා සිටියත් පොලිසිය පැමිණ ඇත්තේ අලූයම 2 ට බවත් අනාවරණය වී තිබේ. හයිටි ජනපති ආරක්‍ෂක සේවාව දුර්වල බව හයිටි ජනපති මොයිසේ ප‍්‍රකාශකර තිබූ බවද එම පරීක්‍ෂණවලදී හෙලිවී ඇත. හයිටි පොලිසිය පැමිණෙන අවස්ථාවේ ප‍්‍රහාරකයන් ජනපති මොයිසේට වෙඩි තබා මරා දමා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment