ලකුණු 198 ක් ගත් හපන්නු – සිසුහු 50664ක් කඩඉම පසුකරති

343

ගැටලු කියන්න දුරකථන අංක 4ක්

මෙවර 2023 පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පෙරේදා (16 වැනිදා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණු අතර, එහිදී පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් කඩඉම් ලකුණ අබිබවා ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 50,664 ක් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. ජේ. එම්. සී. දමිත් ජයසුන්දර මහතා පවසයි.

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් තුන්ලක්‍ෂ තිස්අටදහස් හත්සියදෙනකු අයදුම් කළ අතර, එයින් සිසු දරු දැරියන් තුන්ලක්‍ෂ තිස්අටදහස් තිස්හත් දෙනකු අයදුම් කළ අතර එයින් සිසු දරු දැරියන් තුන් ලක්‍ෂ තිස්දෙදහස් නවසිය හතළිස් නවදෙනකු (3,32,949) විභාගයට පෙනී සිටියහ.

මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු ද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ලෙස ද, ගම්පහ දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, කළුතර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, මහනුවර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද මාතලේ දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ද ලෙස ද නුවරඑළිය දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 146 ද, දෙමළ මාධ්‍ය 144 ක් ලෙස ද, ගාල්ල දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, මාතර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, හම්බන්තොට දිස්ත්‍රිකය සිංහල මාධ්‍ය 150 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, යාපනය දිස්ත්‍රික්කය දෙමළ මාධ්‍ය 145 ක් ලෙස ද, කිළිනොච්චි දිස්ත්‍රික්කය දෙමළ මාධ්‍ය ලකුණු 144 ක් ලෙස ද මන්නාරම දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 145 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, වව්නියාව දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 145 ද, දෙමළ මාධ්‍ය 145 ක් ලෙස ද, මුලතිව් දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 145 ද, දෙමළ මාධ්‍ය 145 ක් ලෙස ද, මඩකලපුව දිස්ත්‍රික්කය දෙමළ මාධ්‍ය 145 ක් ලෙස ද, අම්පාර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 148 ද, දෙමළ මාධ්‍ය 145 ක් ලෙස ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 146 ද, දෙමළ මාධ්‍ය 144 ක් ලෙස ද, කුරුණෑගල දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, පුත්තලම දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 148 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, අනුරාධපුර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 148 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, පොලොන්නරුව දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 149 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, බදුල්ල දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 149 ක් ලෙස ද, දෙමළ මාධ්‍ය 144 ක් ලෙස ද, මොනරාගල දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 149 ද, දෙමළ මාධ්‍ය 143 ක් ලෙස ද, රත්නපුර දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 150 ද, දෙමළ මාධ්‍ය 144 ක් ලෙස ද, කෑගල්ල දිස්ත්‍රික්කය සිංහල මාධ්‍ය 154 ද, දෙමළ මාධ්‍ය 147 ක් ලෙස ද, ආදි වශයෙන් කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබේ.

සිසුවකුට කිසියම් ගැටලුවක් ඇත්නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112-784208/ 0112 – 784537/ 0112 – 786616/ 0112 – 785922 ට අමතන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment