ජේසුගේ අවසන් විනිශ්චය….

54

පසුගිය සතියෙන්

ඔබ මට කන්න නොදුන්නහුය. රෝගාතුර වී සිටියෙමි. පිපාසාවි සිටියෙමි. ඔබ මට බොන්න නොදුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ මා ගෙදරට පිළි නොගත්තහුය. වස්ත්‍ර නැතිව සිටියෙමි. ඔබ මට වස්ත්‍ර නොදුන්නහුය. හිර ගෙදර ද සිටියෙමි. ඔබ මා බලන්න ආවෙ නැතැයි වදාරණ සේක.

එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින්ම මම ඔබට කියමි. මොවුන්ගෙන් ඉතාම සුළු තැනැත්තා වූවද එසේ නොකළා නම් එය නොකළේ මටයැයි වදාරණ සේක. මොවුහු සදාකාලික දඬුවමට ද දැහිමියෝ සදාකාලික ජීවනයට ද යන්නෝය. (ශු. මතෙව් 25 – 41 – 48)

ලෝකය අවසානයේ අපේ දිවි ගමනේ අවසන් විනිශ්චය ගැන ශුද්ධ බයිබලයේ දේව වාක්‍ය කියවීමත් කිතුණු අප ප්‍රතික්ෂේප කර ඇත්තේය. අද අප කරන මේ සියලු ජන වන්දනා වත් පිළිවෙත් කිසිත් අවසන් විනිශ්චයේදී ප්‍රශ්න කරන්නේ නැත. අවසන් විනිශ්චයේදී ප්‍රශ්න කරන්නේ නැතැ. අවසන් විනිශ්චයේ යථාර්ථය නම් සියල්ලන්ට ප්‍රේම කරන සියල්ලන්ගේ වැරදි කමා කරන, බෙදාහදා ගනිමින්, පීඩිතයන්ගේ දුක් කඳුළු පිස දමන එහෙත් පුළුල් කාපට් කළ අධිවේගී මාර්ගයක් නොවන්නේය. ඒ ගරන ගැන ජේසු කතා කළේ මෙසේය.

පටු දොරටුවෙන් ඇතුළු වන්න. විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළල්ය. ඇතුළු වන්නෝ ද බොහෝය. එහෙත් ජීවනයට යන දොරටුව පටුය. පාරද අවහිරය. එය සොයන්නෝ කීපදෙනෙක් පමණකි. (ශු. මතෙව්, 7:13:4)

advertistmentadvertistment
advertistmentadvertistment