බඩු මිලට පොහොර ගැටලුවලට අයවැයේ උත්තර නැහැ

190

වත්මන් භාණ්ඩ මිල ඉහළ යෑම වළක්වාලීම මෙන්ම රසායනික පොහොර තහනමෙන් අස්වනු අඩු වූ විට ගෙවන වන්දි කිසිවමක් අයවැය ලේඛනයෙන් සඳහන් කර නැතැයි ජාතික ජනබලවේගය නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා අයවැය ගැන අදහස් දක්වමන් ‘දිවයින’ට කීවේය.

ආණ්ඩුව රුපියල් කෝටි තුන්ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් ණය ගැනීමට අපේක්ෂා කර ඇති බව ද ආණ්ඩුවේ ආදායම වී ඇත්තේ කෝටි දෙලක්ෂ විසිදහසක් පමණ යැයි ද ඔහු පැවසීය.

එබැවින් මෙම අයවැය ලේඛනය මගිනුත් පෙනී යන්නේ මෙරට ආර්ථික විනාශය තුළින් ගොඩ ඒමට නොව ඔහේ ගලා යන ලේඛනයක් පමණක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන


advertistmentadvertistment