බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා රජය පිළිබඳ ජනතා විශ්වාසය පළුඳු වෙලා – ඇමැති විමල් කැබිනට් රැස්වීමේදී කියලා

289

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සකී‍්‍රයව දේශපාලනයට මැදිහත්වීම ඉතා ඉක්මනින් කළ යුතුව ඇති අතර ඒ තුළින් බොහෝ ගැටලූවලට විසදුම් ලැබෙනු ඇතැයි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා සදහන් කර තිබේ.

සාමූහික තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැුස්වීම් වැනි රැුස්වීම් ස`දහාද ජනාධිපතිවරයා සහභාගි වීම අතිශය වැදගත් වන බවද එහිදී විමල් වීරවංශ මහතා පවසා ඇත.

තමන් එසේ ප‍්‍රකාශ කළේ යැයි විමල් වීරවංශ මහතා විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අනාවරණය කර ඇති අතර තමන් කැබිනට් මණ්ඩල රැුස්වීමේදී සිදු කළ ප‍්‍රකාශයන් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වීම නිසා සිය නිල ෆේස් බුක් පිටුව ඔස්සේ කරුණු පැහැදිලි කළ බවද ඔහු ස`දහන් කරයි.

බලාපොරොත්තු රැුසක් සම`ගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අද පළුදු වී ඇත්තේ බලාපොරොත්තු වූ දේ නොකරන නිසාම නොව බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා බවද විමල් වීරවංශ මහතා එහිදී පෙන්වා දී තිබේ.

දිගින් දිගටම එසේ සිදුවෙද්දී ජනතාව තුළ ඇතිවන අවිශ්වාසය සහ අපේක්‍ෂාභංගත්වය පරාජය කරමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇතැයි එහිදී පෙන්වා දී ඇති හෙතෙම, රටට වැදගත් තීන්දු තීරණ ගන්නා කැබිනට් මණ්ඩල පති‍්‍රකා එක් දිනකින් ගෙනවිත් සම්මත කර ගැනීම වෙනුවට ප‍්‍රමාණවත් කාලයක් තුළ ප‍්‍රමාණවත් පරිදි කැබිනට් මණ්ඩලයේ සාකච්ඡුා කර සම්මත කරගැනීම වඩාත් සුදුසු බවද ස`දහන් කර ඇත. එසේ කිරීමෙන් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට රජයට හැකියාව ලැබෙන බවද ඇමැතිවරයා එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

සමන් ගමගේ

 


advertistmentadvertistment