බසයකට යටවී දරුවෙකු මරුට

57

පාපැදියකින් මිතුරන් පිරිසක් සමඟ ගමන්ගත් දරුවෙකු බස් රථයකට යටවීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ඊයේ (31දා) සවස වව්නියාව, පාවක්කුලම, යුනිට් 02 ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් අබ්දුල් මජීඩ් උමර් නමැති 07 හැවිරිදි වව්නියාව සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය කියා සිටී.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උළුක්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


advertistmentadvertistment