බස්නාහිර වයඹ සහ දකුණට අද උදේම වැසි

66

බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විශේෂයෙන් අද (07දා) උදේ කාලයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් එරටට ඇතුළු වී එහි ප්‍රබලත්වය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment