ජනාධිපති සරණින් දූෂිතයෝ බංකොලොත් රට සුන්නත්දූලි කරනවා

68

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිනුවන්ගොඩ ජනපවුරේදී කියයි
මා මරා දැමුවත් දුෂණයට එරෙහි සටන අත් නොහරිමි

තමා මරා දැමුවද දුෂණයට එරෙහි සටන නොනවත්වන බවත් රට පුරා දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය ක්‍රියාත්මක වන බවත් බංකොලොත් රටෙත් දූෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමහර නායකයෝ රැස්වීම්වලට ෆයිල් උත්සන් ඇවිත් දූෂිත ගනුදෙනු ගැන කියා බලයට පැමිණි විට දඬුවම් දෙන බව කිව්වත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට මේ රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් ඔවුන් රට බංකොලොත් කරමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියන තීන්දුව ලබාගැනීමට හැකි වූ බවත් මේ සියල්ල සිදු කළේ බලය ලබා ගැනීමට පෙර බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

අවංකවම පිරිසුදුව සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බවත් හොරු අල්ලන වැඩේ සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා රට බංකොලොත් කළ පිරිස අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ වන විට නගරයක් නගරයක් ගමක් ගමක් පාසා මහජනතාවගේ අත්සන ලබාගෙන පෙත්සමක් අත්සන් කරමින් යන බවත් ඒ පෙත්සම තුළින් රට බංකොලොත් කර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ සියලු‍ දෙනාටම විරුද්ධව ජනාධිපති කොමිසමක් පත් කර ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වගකීම සමගි ජන බලවේගය ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (03දා) මිනුවන්ගොඩ නගරයේදී පැවැති මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ දූෂිත පාලනය තුළ රට බංකොලොත් කළ ජීවිත අහිමි කළ ජීවනෝපාය විනාශ කළ පිරිස සමඟ එක්ව නඩු මඟට බැස මෙම තීන්දුව උපකාරී කර ගෙන නඩු කටයුතු ආරම්භ කර හොර පවුල් පාලනයෙන් විපතට පත් අසහනයට හා පීඩනයට පත් ජනතාවට වන්දි ලබාදෙන වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බවයි. බංකොලොත් වූ අපේ රට ඉක්මනින් ගොඩ ගන්න සැලසුමක් තිබිය යුතු බවත් එහිදී රුපියල් සහ ඩොලර් හිඟයට විසඳුම් සෙවිය යුතු බවත් ඩොලර් සහ රුපියල් ලබා ගැනීම උදෙසා මේ රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මෙවැනි ඩිජිටල් විප්ලවයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වත්මන් විපක්ෂය සතු බවත් සක්වල හුස්ම වැඩසටහන් එයට සාක්ෂි බවත් සෘජු විදේශ ආයෝජන රටට ආකර්ෂණය කරන වැඩසටහන් ගණනාවක් මේ වන විටත් නිර්මාණය කරමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බංකොලොත්භාවයෙන් රට මුදවා ගෙන සෞභාග්‍ය කරා නැවත ගෙන යන බවත් රුපියල් සහ ඩොලර් හිඟයට ඇති එකම විසඳුම වන්නේ හොරු හොරා කන ලද මුදල් නැවත අප රටට ලබාගැනීම බැවින් ඒ දේ ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment