බහින්බස් වීමක් දුරදිග ගොස් 28 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට

90

පසුගිය දිනෙක රාත්‍රියේ දේවාලේගම දෙදෙනකු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් පොරබැදීමෙන් හා පහර දීමේදී 28 හැවිරිදි අයකු කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් ඇති බව දේවාලේගම පොලිසිය පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ දේවාලේගම, පින්වත්ත ඇළ පදිංචිව සිටි ඩබ්ලිව්. එම්. වීරසිංහ නැමැති අයෙකි. මියගිය අය සමග සිටි ඔහුගේ ඥාති සහෝදරයකු වන රත්න බණ්ඩාර ද තුවාල ලබා රෝහලට ඇතුළත්කර ඇත.

මේ සම්බන්ධව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ දේවාලේගම පොලිසිය මගින් සිදුකරයි.

කෑගල්ල අතිරේක සහ කෑගල්ල – එම්. බී. පහළවත්ත


advertistmentadvertistment