බහුදින යාත්‍රා නවත්වන්න ගාලු ධීවර වරායේ ඉඩ මදි

1

යාත්‍රා 740 ක් තිබ්බත් පහසුකම් තියෙන්නේ 400ටයි

බහුදින යාත්‍රා සංඛ්‍යාව දෙතුන් ගුණයකින් වැඩිවීම නිසා ගාල්ල ධීවර වරාය තුළ බහුදින යාත්‍රා නැංගුරම් දැමීමේදී යාත්‍රා හිමියන් ගැටලු රැසකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ගාල්ල ධීවර වරාය තුළ නැංගුරම් දැමිය හැක්කේ බහුදින යාත්‍රා 400ක් පමණක් බවත්, මේ වනවිට බහුදින යාත්‍රා 740කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බව ගාල්ල ධීවර සංවර්ධන කමිටුවේ ලේකම් සිසිර වලිසාදිර මහතා පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ධීවර කාර්මිකයන් මුහුදු යෑමෙන් වැළකී සිටීම නිසා

පසුගිය දිනවල බහුදින යාත්‍රා නැංගුරම් දැමීමට ධීවර වරාය තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ගාලු වරාය තුළ බහුදින යාත්‍රා 100ක් පමණ නැංගුරම් දැමීමට සිදුවූ බවද සිසිර වලිසාදිර මහතා පෙන්වා දෙයි. බහුදින යාත්‍රා සංඛ්‍යාව වැඩිවීම නිසා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් අයුරින් ලබාදීමට නොහැකිවී ඇති බවද හෙතෙම පවසයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment