බාමියන් ප්‍රතිමා නැරඹීමට එන අයගෙන් තලේබාන් සංවිධානය මුදල් ඉල්ලයි

1730

ඇෆ්ගනිස්ථානයේ බාමියන් ප්‍රතිමා නැරඹීමට එන එරට වැසියන්ගෙන් මුදල් අය කිරීමට තලේබාන් සංවිධානය කටයුතු කර ඇත.

ඒ අනුව බාමියන් පිළිම නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් ඩොලර් 04 කට ආසන්න මුදලක්ද එරට වැසියන්ගෙන් ශත 57 ක් ද අය කෙරේ.

වසර 1500ට වඩා පැරණි මේ යෝධ බුද්ධ ප්‍රතිමා 2001 වසරේදී විනාශ කරනු දැමුවේද තලේබාන් සංවිධානය විසිනි.

දැන් බාමියන් වෙත පැමිණෙන අයට දැක ගන්නට ලැබෙන්නේ එම පිළිම තනා තිබූ ගල් කුහරය පමණි. නමුත් දැන් තලේබාන් සංවිධානය මේ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ගෙන් ටිකට් පතක් අලෙවි කර මුදල් ලබා ගනී.

ක්‍රි.ව. 600 දී නිර්මාණය කළ අඩි 175 ක් හා 120 ක් උසැති බුදුපිළිම දෙකක් පුපුරුවා දමා තිබිණි. එය මේ පළාතේ වෙසෙන හසාරා වරුන්ගේද වන්දනාවට පාත්‍රවී තිබිණි.

කෙසේ නමුත් දැන් තමන් විසින්ම විනාශ කළ අන්‍යාගමික පිළිම අයත් පුරාවිද්‍යා බිමට ඇතුළු වන අයගෙන් මුදල් අය කිරීමට තලේබාන් සංවිධානය පත්ව තිබෙන්නේ එම පාලනයට ආදායම් මාර්ග සීමිත වීම නිසාය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment