බැංකු රක්ෂණ සේවාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සෙලාන් බැංකුව සමග එකඟතාවයකට එළැඹේ

111
(වමේ සිට දකුණට) සෙලාන් බැංකුවෙහි දිල්හාරා බොතේජු මිය කළමණාකරු - බැංකු රක්ෂණ, අවන්ති වීරසිංහ මිය ප්‍රධාන කළමනාකාරිනී - පාරිභෝගික ණය, ඉයුජින් ද අල්විස් සෙනෙවිරත්න මහතා නියෝජ්‍ය සාමාන්‍යධිකාරී - පාරිභෝගික බැංකුකරණ, රමේෂ් ජයසේකර මහතා අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි චන්දන එල්. අලු‍ත්ගම මහතා ප්‍රධාන විධායක නිලධාරීල නාමලී ඒ. සිල්වා මිය නියෝජ්‍ය ප්‍රධාන අධිකාරී/අලෙවි සහ බෙදාහැරීමේ ප්‍රධානී (ජීවිත රක්ෂණ), කසුන් සමීර මහතා සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි (ජීවිත රක්ෂණ), දිනූෂ ලියනපතිරණගේ මහතා ජ්‍යෙෂ්ඨ කළමනාකරු බැංකු රක්ෂණ (ජීවිත රක්ෂණ) යන මහත්ම මහත්මීන් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, බැංකු රක්ෂණ සේවාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව සෙලාන් බැංකුව සමග එකඟතාවයකට එළැඹුණි.

මෙම හවුල්කරිත්වයේ මූලික අරමුණ වන්නේ තෝරාගත් සෙලාන් බැංකු ශාඛා තුලින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සැලසුම් සෙලාන් බැංකු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ අවශ්‍යතාවයන්වලට සරිලන පරිදි හඳුන්වා දීමයි.

මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ ආයතන දෙකෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගිත්වයෙන් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment