බිබිල මහියංගන පාරේ අනතුරෙන් එකම පවුලේ 3ක් මරුට

476

පස් දෙනකුට තුවාල

බිබිල – මහියංගනය පාරේ වෑගම 03 කණුව ප්‍රදේශයේදී ඊයේ (12 දා) සවස වෑන්රථයක් පාරේ දකුණුපස නතර කර තිබූ පෞද්ගලික බස්රථයක ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් පස්දෙනකු තුවාල ලබා ඇතැයි බිබිල පොලිසිය පවසයි.

එම බස් රථයේ තිරිංගවල දෝෂයක් නිසා මෙලෙස මාර්ගයේ දකුණුපස මගීන් සමග නතර කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ බිබිල මහියංගනය පාර 01 කණුව අරුණ පැළතවානේ පදිංචිව සිටි රාජේන්ද්‍ර රාජකරුණා (72), ඔහුගේ බිරිඳ වන යූ.ඩබ්ලිව්. කල්‍යාණි (69), බිරිඳගේ සහෝදරියක වන යූ.ඩබ්ලිව්. කුසුම් ලලිතා (72) නමැති තිදෙනාය. ඔවුන් තිදෙනාම වෑන් රථයේ ගිය අය වෙති.

මෙම අනතුරෙන් තුවාල ලැබූ අනූෂා රාජකරුණා, නිරෝෂා ප්‍රියදර්ශනී රාජකරුණා, අරුණ චමින්ද රාජකරුණා යන අය බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනූෂා රාජකරුණා යන අය වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත.

වෑන් රථය මහියංගනය දෙස සිට බිබිල ප්‍රදේශයේ නිවසට එමින් සිටියදී අනතුර සිදුවී ඇත. මියගිය යුවලගේ පුතා විසින් වෑන්රථය පදවා තිබේ.

ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල පොලිස් ස්ථානාධිපති ඒ.එස්.පී.සී.කේ. සෙනරත්, පො.ප ඩී.එම්.ආර්. සෙනෙවිරත්න, උ.පො.ප ගාමිණී යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment