පාටියට ඇවිත් මාලේ කඩලා බූරු ගහලා!

291


දෙදෙනෙක් අත්අඩංගුවට

යක්කලමුල්ල, මාගෙදර, පුවක්වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකදී නිවෙස් හිමි කාන්තාවකගේ පවුම් හතරක් පමණ බර රුපියල් ලක්ෂ 04ක් වටිනා ගෙලබැඳි රන්මාලය සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26 දා) අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.මෙකී නිවසේ මෙම කාන්තාව හා සැමියා පදිංචිව සිටින අතර ඉකුත් 09 වැනිදා නිවසේ සාදයක් පවත්වා ඇත. ඒ සඳහා තරුණයන් පස් හය දෙනෙකු පැමිණ ඇති අතර සාදය අවසන්වී නිවැසියන් නින්දට ගොස් තිබේ. පසුදින අවදිවී බලනවිට ගෙල බැඳි රන්මාලය ඇයගේ ගෙලේ තිබී නැත. ඇය ඉකුත් 25 දා මෙම සොරකම පිළිබඳ යක්කලමුල්ල පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය විසින් මෙකී සොරකම පිළිබඳ විමර්ශනය කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් විසින් රන්මාලය සොරකම් කර පෞද්ගලික බැංකුවකට උගසට තබා රුපියල් 1,84000 ක මුදලක් ලබාගෙන ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් එම මුදල්වලින් බූරුව ගසා ඇති බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 හා 24 වැනි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි. යක්කලමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ, පො. ප. රණතුංග ඇතුළු නිලධාරිහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

 ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල
 

advertistmentadvertistment
advertistmentadvertistment