බිරිඳ සමග නැටූ තරුණයා සැමියා අතින් මරුට

504

කළුතර ගමගොඩ ප්‍රදේශයේ කුමුදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් ගෙල කපා තරුණයෙකු ඝාතනය කර ඇත.

එලෙස ඝාතනය කර ඇත්තේ දොඩංගොඩ ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයෙකි.

සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇත. ඇය ඔහුව අත්හැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ඇය තමා සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේ යෙදී සිට ඇති බවද පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී උරන වූ සැකකාර සැමියා තම බිරිඳ සමග නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බව ද පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment