බෝට්ටුවකින් කේ.ජී. ඇද්ද දෙදෙනා උතුරේ හමුදා බුද්ධියට මාට්ටු

34

යාපනය 51 වෙනි බලසේනාවේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් ලක්ෂ 200ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 214ක් සමග සැකකරුවන් දෙදෙනකු ඉකුත් 12 දා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත්තේ යාපනයේ මීසාලෙයි ප්‍රදේශයේදීය.

බෝට්ටුවක ආධාරයෙන් මෙම කේරළ ගංජා තොගය ඔවුන් විසින් ප්‍රවාහනය කොට ඇති අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම බෝට්ටුවද අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා සැකකරුවන් බෝට්ටුව හා අදාළ කේරළ ගංජා තොගය චාවාකච්චේරී පොලිසිය වෙත භාර දී තිබේ. පොලීසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මොවුන් දෙදෙනා කාලයක සිට ඉන්දියාවෙන් කේරළ ගංජා තොග වශයෙන් යාපනයට රැගෙන විත් තොග පිටින් අලෙවි කරණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් දෙදෙනකු බවයි. ඔවුන්ව චාවකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment