රට තුළ පවතින විදේශ මුදල් සංචිත වල පවතින ගැටලු නිසා ආනයනය තහනම් කර තිබූ භාණ්ඩ කිහිපයක් සදහා යළි ආනයනය සදහා අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව කාන්තා සහ පිරිමි හා ළමා නිමි ඇඳුම්, පාවහන්,හිස් වැසුම්,කබාය වර්ග, නාන කාමර උපකරණ, ශීතකරණ,ටොයිලට් පේපර්ස්, දුරකථන සහ උපාංග,දැව කර්මාන්තය සදහා භාවිතා කරන යන්ත්‍ර, ඉදිකිරීම් කටයුතු සදහා භාවිතා කරන බැකෝ යන්ත්‍ර ආදිය මෙලෙස ආනයනය කිරීම සඳහා යළි අනුමැතිය ලබා දී තිබේ.
|