භාරවූ නාවිකයෝ 1289ක් අස්වෙති

47

පොදු සමා කාලයේදී භාර වූ නාවිකයින් 1289 දෙනකුට නිත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්වීමට නාවුක හමුදාව අවසර ලබාදී ඇත.

පසුගිය අප්‍රේල් මස 20දා සිට මෙම මස 20දා දක්වා ප්‍රකාශයට පත්කර තිබූ මසක පොදු සමා කාලයේදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1254 දෙනකුට සහ විදේශ ගත නාවිකයින් 35 දෙනකුට මෙලෙස සේවයෙන් ඉවත්වීම සඳහා අවසර ලබාදී තිබේ.

නීත්‍යානුකූල ලෙස නාවුක හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා මෙලෙස අවසර ලබාදී ඇත්තේ නාවුක හමුදා කඳවුරු වෙත සහ මාර්ගගත ක්‍රමය ඔස්සේ භාරවුණු නායකයින් හට බව නාවික හමුදා මූලස්ථානය සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment