මගේ විශ‍්‍රාම වැටුප කපා අයවැය පියවන්න පුළුවන්ද? – මේවා විහිළු

866

– හිටපු ජනපති මෛත‍්‍රී කියයි

හිටපු ජනාධිපතිවරයා ලෙස තමාට හිමිවන විශ‍්‍රාම වැටුප වන රුපියල් 95,000 ක මුදල කපා අයවැය පියවීමට හැකි නම් තමා එයට සතුටු වන බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ‘දිවයින’ ට ඊයේ (14දා) පැවැසීය.

අයවැය මගින් ජනාධිපතිවරයකුට විශ‍්‍රාම වැටුප ලැබීමට නම් වසර 10 ක් එක දිගට බලයේ සිටිය යුතු බවට ප‍්‍රකාශ කළ බවත් මෙවැනි ප‍්‍රකාශ හාස්‍යජනක බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා, එවැනි විහිලූවලින් තමා කිසිසේත් නොසැලෙන බවද ‘දිවයින’ කළ විමසීමකදී කියා සිටියේය.

පෙරේදා (13දා)  මහනුවර පේරාදෙණිය සුබෝධාරාම විහාරයේ සිව්මහල් භික්‍ෂු අධ්‍යාපන කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන් මෛත‍්‍රිපාල සිරිසේන මහතා තමාගේ විශ‍්‍රාම වැටුප කපල හෝ ජනතාවට සහනයක් ලබාදිය හැකි නම් තමා එයට සතුටු වන බවයි.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් මෙවර අයවැයෙන් ජනතාවට සහන නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ අදහස් කුමක්දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමා අයවැය සකස් කිරීමට දායක නොවූ බවත් ජනතාවට එසේ සහන නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අයවැය සකස් කළ අයගෙන් විමසා බැලිය යුතු බවත්ය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment