මද්දුමබණ්ඩාරට එජාපයෙන් කොළ එළියක්

105

රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්හිටුවූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය යළිත් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (02දා) තීරණය කර ඇත.

එජාපය විසින් 2020 වසරේදී මද්දුමබණ්ඩාර මහතාගේ එජාප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී ඔහුට යළි පක්ෂ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගෙන තිබේ.

කෙසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ද මෙහිදී තීරණය වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment