ජනපති පත්කළ නව ලේකම්වරු

2900

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත්කර තිබේ.අදාළ පත්වීම් 2024 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එසේ පත් කළ නව ලේකම්වරු මෙසේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස වසන්තා පෙරේරා මහත්මිය ,අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එන්.එම් රණසිංහ මහතා වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ගුණදාස සමරසිංහ මහතා , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා ,රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා ,වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස සමන් දර්ශන පාඬිකෝරාල මහතා , පරිසර අමාත්‍යංශයේ නව ලේකම් ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය සුලක්ෂ ජයවර්ධන මහතා, ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, තාක්ෂණ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස ආචාර්ය ධර්මසිරි කුමාරතුංග මහතා පත්කර තිබේ.බස්නාහිර පළාතේ නව ප්‍රධාන ලේකම් ලෙස එස්.එල්.ඩී.කේ. විජයසිංහ මහත්මිය ද උතුරු මැද පළාතේ නව ප්‍රධාන ලේකම් ලෙස අර්ථ.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා ද පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment