පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අවශ්‍ය නම් ගිනි අවියක් ලබාගත හැකි බව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කීපදෙනෙකු අවි ලබාගෙන ඇති බව දැනගැනීමට ලැබුණු බවද කථානායකවරයා පැවසීය.
මේ පිළිබඳව තමා වැඩිදුරටත් කල්පනා කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කීවේ මෙම ගිනිඅවි නොමිලේ නොලැබෙන බවත් ඒවා මිලට ගැනීමට තරම් වත්කමක් නැති බවත්ය.
මෙම ගිනිඅවි සැපයීම පිළිබඳව තමාට ද ලිපියක් ලැබුණු බවද හෙතෙම පැවසීය.
නෝමන් පලිහවඩන