මන්නාරම බලාගාරයේ මිල ගණන් හැංගිලා

112

ලංකා විදුලිබල මණ්ඩලය මගින් මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයක් සඳහා ටෙන්ඩර් කැඳවා ඇතත් එහි මිල ගණන් විවෘත කිරීම ප්‍රමාද කිරීමට පාලනාධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ඊට සම්බන්ධ සංවිධාන කටයුතු කර ඇතැයි ලංවිම විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් සමග සසඳා සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 60 (රු.18.30කට) වඩා අඩුවෙන් ලබාදිය හැකිව පැවැතියත් මෙලෙස මිල ගණන් විවෘත කිරීම ප්‍රමාද කරන්නේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අඩුවේ යැයි පවතින බිය නිසාවෙන් දැයි එම සංගමය ප්‍රශ්න කර සිටී.

එසේම වත්මන් විෂය භාර ඇමැතිවරයා සහ ලංවිම පාලනාධිකාරිය මෙලෙස ක්‍රියාකරනුයේ ඉන්දියානු අදානි සමාගමට දී ඇති මිල සාධාරණීකරණය කිරීමට නොහැකි නිසා දැයි ද විදුලි ඉංජිනේරු සංගමය ප්‍රශ්න කරයි.

පසුගිය මස මුල් සතියේ දී මෙගා වොට් 165ක් වන කුඩා විදුලි ව්‍යාපෘති ගණනාවක් පද්ධතියට එක්කර ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර එම ව්‍යාපෘති සඳහා ඒකකයට රු. 16 සිට 20 දක්වා මිල ගණන් ඉදිරිපත්ව තිබීම මගින් ඉදිරියේ දී විදුලි බිල අඩු කිරීම සඳහා විශාල රුකුලක් ලැබී ඇතැයි ද එම සංගමය කියයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment