ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද යන්න පිළිබඳව මතභේදයක් පැවතිය ද ඉමානේ කෙලිෆ් ප්‍රථම වරට ඔලිම්පික් රන් පදක්කම් ලාභිනියක් බවට පත්වූවාය. ඒ කාන්තා කිලෝග්‍රෑම් 66 කාණ්ඩයේ ලෝක ශූර චීනයේ යැං ලියු පරාජය කරමිනි.
කෙලිෆ් ඇල්ජීරියාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාවේ පළමු ඔලිම්පික් රන් පදක්කම්ලාභියා වන අතර 1996 වසරෙන් පසු සමස්තයක් ලෙස රන් දිනූ ඔවුන්ගේ පළමු බොක්සිං ක්‍රීඩිකාව වේ.
“මම මේ තරගයට සහභාගි වෙන්න සම්පූර්ණ සුදුසුකම් ලබා තිබෙනවා. මම වෙනත් ඕනෑම කාන්තාවක් වගේම කාන්තාවක්. මම ඉපදුනේ ගැහැනියක් විදියට. මම ජීවත් වුණේ ගැහැනියක් විදියට. මම තරග කළේ ගැහැනියක් විදියට. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපහාස කරන්නන් සාර්ථකත්වයේ සතුරන්, මම ඔවුන්ව හඳුන්වන්නේ එහෙමයි. මේ ප්‍රහාර නිසා මගේ සාර්ථකත්වයට විශේෂ අගයක් ලැබෙනවා.”