මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස් අරගලය දිනා දීමට අවිහිංසාවාදීව සටන් කළා

63

ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය අන්කුරාන් දුප්තා
ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලියූ ආනන්ද සමරකෝන් ඉන්දියාවේ ගෞරවාදරයට පාත්‍රවූ අයෙක්
ගාන්ධිතුමා ඉන්දියාවේ කළ අරගලය අපේ රටට නිදහස ගන්නත් ශක්තියක් වුණා
ආචාර්ය ගුරුගේ

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර වසර 2500 ඈතක සිට සම්බන්ධතාවයක් පවතිනවා. අප ඒ සම්බන්ධතාවය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු වනවා. ඒ සඳහා මෙවැනි ඉන්දීය හා ශ්‍රී ලංකා මිශ්‍ර සංස්කෘතික අංගවලින් පිරි වැඩසටහන් මහත් පිටිවහලක් වනවා.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය කුරාන් දුප්තා මහතා එසේ පැවසුවේ ඉන්දියානු 78 වැනි ජාතික දිනය නිමිති කරගෙන ඉන්දීය සහ ශ්‍රී ලංකා සංස්කෘතික ගායනා හා නර්තනයන්ගෙන් අලංකෘත වූ සැමරුම් උත්සවයක් ඉකුත් දින (25දා) ජාඇළ ගුරුගේ නේචර් පාක් හි ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

මෙම සැමරුම් උත්සවය ලෝක මනුෂ්‍යත්ව පදනමේ සභාපති සහ විධායක අධ්‍යක්‍ෂක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායාරක්‍ෂක දායක සභාවේ නියෝජ්‍ය සභාපති ශාසනාභිමානි දේශභක්ති බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතාගේ ආරාධනය පරිදි පැමිණි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක මහාචාර්ය අන්කුරාන් දුප්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප්‍රධාන ආරාධිතයා නේචර් පාක් දොරටුව අසලදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ සහ මනුෂ්‍යත්ව පදනමේ ප්‍රධාන ලේකම් ධම්මික සමරවික්‍රම යන මහත්වරුන් විසින් පිළිගෙන අශ්ව කරත්තයකින් මඟුල් බෙර සහ වෙස් නැටුම් මැද උත්සව භූමිය වෙත කැඳවාගෙන යනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් කතා කළ අන්තුර් දුප්තා මහතා මෙසේ ද පැවසීය.

ඉන්දීය ජනතාවගේ අසහාය ජනනායකයකු බවට පත්වුණ මහත්මා ගාන්ධිතුමා 1937 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එතුමා ඇතුළු ඉන්දීය ජන නායකයන් එදා ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් කර ගැනීමට විවිධ ආකාරයෙන් සටන් කළා.

මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකීය ජනතාවද ඉන්දියාවේ ජාතික සටනට තම සහයෝගය ලබාදී තිබෙනවා. 1957 වසරේ ජනතාව විසින් තමන් විසින් එකතු කරන ලද යම්කිසි මුදලක් ද ඉන්දියාවට ලබාදී තම දායකත්වය සපයා දී තිබෙන බව මෙහිදී මතක් කරන්න කැමැතියි.

ශ්‍රී ලංකාව රම්‍ය භූමියක්. මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන කරුණු පදනම් කරගෙන හැඩගැසුණ ජනකොටසක් සිටින රටක්. අද මේ රටේ කරගෙන යන දහම් පාසල් අධ්‍යාපනය එයට සාක්ෂි දරනවා. ඉන්දියාවේදී සංගීත හැදෑරූ ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචනා කළ ආනන්ද සමරකෝන් මහතා අදත් ඉන්දීය ජනතාවගේ ගෞරව ආදරයට ලක්වූ අයෙක් වනවා.

මෙහිදී විශේෂ අමුත්තන් විසින් ශ්‍රී ලාංකීය හා ඉන්දීය ජාතික ගොඩි එසවීම, ඉන්දියානු ජාතික වෘක්ෂයක් සිටුවීම, මහත්මා ගාන්ධි පිළිරුවට සුදු මල් මාලයක් පැලඳවීම, පොල් තෙල් පහන් දැල්වීම ද සිදු කරන ලදී.

මෙම සැමරුම් උත්සවයේදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා කතා කරමින්, මෙම උත්සවයට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක මහාචාර්ය අන්කුර් දුප්තා මහතාගේ සහභාගිවීම ගෞරවයක් බව සඳහන් කළේය. ලෝක මනුෂ්‍යත්ව පදනම මේ ්වන විට සමාජ සේවා කටයුතු රැසකට දායකත්වය ලබාදී ඇති බවත් ඉදිරියේදී අධ්‍යාපන, සෞඛ්‍ය අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන බවත් පැවසීය. 1947 ඉන්දියාවට නිදහස ලබාගැනීමට මහත්මා ගාන්ධිතුමා කළ කැපවීම වගේම එම ආභාෂයෙන් 1948 අප රටට නිදහස ලබාගැනීමටත් පසුබිම සැකසුණා යැයි ද ඔහු කීය.

අද මෙම උත්සවයට වැඩම කළ මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයන්ටත් ගෞරවපූර්වක ස්තුතිය පුද කරන බවද පැවසීය.

ආචාර්ය අයි. දිසානායක, මේජර් ජෙනරාල් ආචාර්ය බොනිපස් පෙරේරා, ආචාර්ය ඩී. එස්. කේ. පතිරණ යන මහත්වරු කතා කළහ.

මෙම උත්සවයට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක දීවලී මහින්ද මාහිමියන්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තංගනයේ ශාසන රතන මාහිමියන්, නියෝජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේකම් පාලිත මාහිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් ද හින්දු, මුස්ලිම්, කතෝලික පූජකවරුන් රැසක්ද ී්ඍක්‍ සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බීනා ගාන්ධි මහත්මිය ද සහභාගි වී සිටියහ.

මෙහිදී ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා අතින් ප්‍රදේශයේ දහම් පාසල් කීපයක 500කට අධික සිසු දරුවන් පිරිසකට අභ්‍යාස පොත් ප්‍රදානය කරන ලදී.

මෙම සංස්කෘතික උත්සවයේ පිළිගැනීමේ කතාව ආචාර්ය අයි. දිසානායක මහතා විසින් පවත්වන ලද අතර ස්තුති කතාව ආචාර්ය ඩී. එස්. කේ. පතිරණ මහතා විසින් සිදුකරන ලදී.

බී. ටී. කොටින්කඩුව – ජාඇළ අතිරේක


advertistmentadvertistment