අද යුක්තිය ඉටු නොවුණොත් හෙට සිට රෝහල් ලෙඩ වෙයි

78

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 දීමනාව තමනට ද ලබාදී සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට අද (31දා) දිනය තුළ රජය හෝ මුදල් අමාත්‍යාංශය පියවර නොගන්නේ නම් හෙට (01දා) සිට දිවයින පුරා රෝහල්වල දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.

මෙම වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක්, ඒකාබද්ධ වූ ලක්‍ෂයකට අධික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක සහභාගීත්වයෙන් සිදුකිරීමට මේ වනවිට තීරණය කර ඇතැයි එම සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ‘දිවයින’ට ඊයේ (30දා) පැවසීය.

රටේ පවතින ආර්ථික අර්බුදය, බඩු මිල ඉහළ යෑම, ශ්‍රම ශක්තිය අවම වීම වැනි කරුණු හේතුවෙන් මේ වනවිටත් දරාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් අද (31දා) දිනය තුළදී සාකච්ඡා මාර්ගයෙන් තම ගැටලු විසඳා ගැනීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පෙරේදා (29දා) ලිපියක් ද යොමු කර තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment