වෙලාවට වැඩකරන්න බැරි අපේ ඇමැතිලාට කොරියාවෙන් තද ටොක්කක්

189

වෙලාවට වැඩ කිරීමට නොහැකිවීම මෙරට ඇමැතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇතැයි ද ඒ සම්බන්ධව ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතු යැයි ද කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සන්ග් ලී මහතා පැවසීය.

ඒ මහතා මෙලෙස සිය අප්‍රසාදය පළ කළේ සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවකට රාජ්‍ය ඇමැතිවරයා නියමිත වේලාවට නොපැමිණීම සම්බන්ධයෙනි.

ඉකුත් 22 වැනිදා පෙරවරු 9.00 ට කොරියානු නියෝජිත පිරිස කොළඹදී ඇමැතිවරයා හමුවීමට නියමිතව තිබිණි.

විනාඩි 30 ක් ප්‍රමාද වී ඇමැතිවරයා නොපැමිණීම සම්බන්ධව එම අවස්ථාවට පැමිණ සිටි නිලධාරීන් ඉදිරියේ චෝ සන්ග් ලී මහතා සිය අප්‍රසාදය පළ කළේය.

වෙලාවට වැඩ කිරීමට නොහැකිවීම සමාව දිය හැකි කරුණක් නොවෙයි. එය බොරු කිරීමකි. අද මෙය මෙරට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. වෙලාවට වැඩ කිරීමට නොහැකි පුද්ගලයින් හමුවීමට තවදුරටත් මා සූදානම් නැහැ. අප රටේ විනාඩියක් හෝ ප්‍රමාද වුවහොත් එය විශාල වරදකි. මෙලෙස වෙලාවට වැඩ නොකිරීමෙන් මේ රටට ආයෝජකයින් ගෙන්වා ගැනීමට නොහැකි වේවි යැයි ද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment