මහනුවර නගර සීමාවේ සියලු සුරාසල් වැසේ

31

දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගර සීමා බල ප්‍රදේශය තුළ පවතින සියලු සුරාසල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

දළදා ප්‍රදර්ශනය අදින් (18දා) ආරම්භ වී ලබන 28දා දක්වා පැවැත්වේ. සුරාසල් වසා තබන කාලය තුළ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරන ස්ථාන සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් සුරාබදු ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත.

චමින්ද සිල්වා


advertistmentadvertistment