මහේලගේ මුම්බායි 5 වැනි ජය ලබයි

730

පොලාර්ඞ් විසින් දවාගනු ලැබූ 300 වැනි පන්දුවාර 20-20 කඩුල්ල ලෙස ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල වාර්තා වේ. ඔහු විසින් එය සමරන ලද අයුරු ඡායාරූපයේ දැක්වේ.….

පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ 6 ක පහසු ජයග‍්‍රහණයක් ලබාගත් මහේල ජයවර්ධන ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ සිය බලාපොරොත්තු ශක්තිමත් කර ගැනීමට පෙරේදා (28 දා) සමත් විය.

ප‍්‍රතිවාදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 135 කට සීමා කළ මුම්බායි කී‍්‍රඩකයෝ පන්දු 6 ක් ඉතිරිව සහ කඩුලූ 6 ක් අතැතිව තිබියදී එම ජයග‍්‍රහණය ලබා ගත්හ.

පන්දු යැවීමේදී එක් පන්දුවාරයක් පමණක් කි‍්‍රයාතමක කර කි‍්‍රස් ගේල්ගේ සහ ලෝකේෂ් රාහුල්ගේ කඩුලූ දවාගත් කිරන් පොලාර්ඞ් තරගයේ වීරයා බවට පත්වූයේ නොදැවී ලබාගත් ලකුණු 15ක් ද කණ්ඩායමට ලබා දෙමිනි.

මෙම ජයග‍්‍රහණය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ලබාගත් 5 වැනි ජයග‍්‍රහණය විය.

ලකුණු සාරාංශය
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම 135-6
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 137-4

advertistmentadvertistment
advertistmentadvertistment