ඉතාලි රන් කුසලාන එල්ලේ තරගාවලිය හෙට

41

දිවයිනේ ප්‍රකට එල්ලේ කණ්ඩායම් 256 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 6 වැනි ඉතාලි රන් කුසලාන එල්ලේ තරගාවලිය ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩාංගණයේදී හෙට (13 වැනිදා) ආරම්භ වේ.

කාණ්ඩ 8 ක් යටතේ එක් කාණ්ඩයකට කණ්ඩායම් 32 ක් බැගින් තරග වදින මෙම තරගාවලියේ ශූරතාවය දිනන කණ්ඩායම සඳහා මුදලින් රුපියල් ලක්ෂ තුනක් සහ ඉතාලියේ සිට ගෙන්වන ලද කුසලානයක් හිමි වේ. ඉතාලියේ සේවය කරන ශානක කොළඹගේ ඇතුළු පිරිස මෙම තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment