මහජන බැංකුවේ විශේෂ කාර්ය මණ්ඩල රැස්වීමක් කොළඹ 05, මහජන බැංකු මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ‘2025 සහ ඉන් ඔබ්බට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයට අනුකූලව බැංකුකරුවන්ගේ වගකීම්’ යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීය.
ඉදිරි වසර සඳහා මහ බැංකුවේ උපායමාර්ගික දිශානතිය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් මහ බැංකු අධිපතිවරයාගේ දේශනය මඟින් ඉදිරිපත් කෙරුණු අතර, ජාතික ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනයට සහාය වීම සඳහා මූල්‍ය ආයතන විසින් ඉටු කළ යුතු තීරණාත්මක කාර්යභාරය පිළිබඳව මෙහි දී අවධාරණය කෙරිණි. එමෙන්ම නියාමන පෙළගැස්ම, ආයතනික වගවීම සහ තිරසර බැංකු භාවිතයන් අනුගමනය කිරීම පිළිබඳ කාලෝචිත හා ඉදිරිගාමී අනාගත අරමුණු මෙම දේශනයට ඇතුළත් විය.
පරිණාමය වෙමින් පවතින මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මහජන බැංකුවේ අවබෝධය වැඩි දියුණු කිරීමට සැලකිය යුතු දායකත්වයක් මෙම සැසිවාරය මගින් ලැබුණු අතර, මූල්‍යමය වශයෙන් දිගුකාලීන ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන ජාතික න්‍යාය පත්‍රයට අනුකූලව, නියාමන අනුකූලතාව සහ තිරසර මෙහෙයුම් සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා බැංකුවේ ඇති කැපවීම මේ තුළින් ශක්තිමත් විය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ඇතු`ඵ අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා, මහ බැංකු අධිපතිවරයාගේ ලේකම් එරන්දි ලියනගේ මහත්මිය සහ බැංකුවේ ආයතනික සහ විධායක කළමනාකාරිත්වයේ සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය සහභාගී වූහ. මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් විසින් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත සමරු තිළිණයක් පිරිනමන අයුරු ඡායාරුපයෙන් දැක්වේ.