මාතර බිලිඳු මරණය DNA වාර්තාව ගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්‍ෂණයක්

430

මාතර රෝහලේ මත භේදයකට තුඩු දුන් බිලිඳු මරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්‍ෂණයක් අරඹා තිබේ.

එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු මෙලෙස පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මාතර, වැලිගම පදිංචි කාවින්ද්‍යා මධුෂාණි සිය කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22දා මාතර මහ රෝහලට ඇතුළත් කෙරුණු නමුත් ඇගේ බිලිඳා කුස තුළම මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් පවසා තිබිණි.

බිලිඳා සම්බන්ධයෙන් රෝහල් පාර්ශ්වයෙන් පරස්පර ප්‍රකාශ නිකුත්වීම හා බිලිඳාගේ සිරුර ලබා නොදීම හේතුවෙන් මවුපියන් කොටවිල පොලිසියට සිද්ධිය පැමිණිලි කර තිබේ.

ඒ අනුව බිලිඳාගේ බව පැවසෙන දේහය ඉදිරිපත් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබූ අතර, බිලිඳා එම මවුපියන්ගේම ද යන්න තහවුරු කර ගැනීමේ ෘභ් පරීක්‍ෂණ වාර්තාව හා මරණ පරීක්‍ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිද්ධියට අදාළව බාහිර පුද්ගලයන් වෙතින් ද තොරතුරු ලබාගෙන ඇත.

දරු ප්‍රසූතිය දක්වාම කිසිදු ගැටලුවක් නොපැවැති නිසා සිය බිලිඳාට සිදුවූ දේ පිළිබඳව සත්‍යය දැන ගැනීමට එම මවුපියෝ දැඩි අපේක්ෂාවෙන් පසුවෙති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment