සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වූ වන අලියා අතර සිටින දළ ඇතා බොහෝ දුරට දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්ය. ජනතාව දළ ඇතුන් දකින්නේ බොහෝ විට දළදා මාළිගාවේ පෙර හැරෙනි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජාතික වනෝද්‍යාන රැසක් පිහිටි සුන්දර මනරම් කලාපයක් වන මාදුරුඔය ජාතික වනෝද්‍යානය නිජ භූමිය කරගත් වයස අවුරුදු හතළිහක් පමණ වූ ‘මහ’ නමින් හැඳින්වෙන දළ ඇතා වසර ගණනාවකට පසු මාදුරුඔය ආසන්නයේ පිහිටි රක්ෂිත කලාපයකින් අහඹු ලෙස දක්නට ලැබුණේ පසුගිය දින කීපය තුළදීය.
දින ගණනාවක් මෙම ප්‍රදේශයේ සැරිසරමින් ඉතාමත් සුන්දර දසුන් මවමින් තවත් වන අලින් දෙදෙනෙකු සමග කෙළිදෙලෙන් ගත කරන අයුරු දැකීම නෙතට රසඳුනකි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැඩි ආරක්ෂිත රැකවල් මැද පාලනය වන මෙම ජාතික වනෝද්‍යාන තුළ සැරිසරන වන අලින් අතරින් දක්නට ලැබෙන මෙම සුන්දර ‘මහ’ නමින් හඳුන්වන මෙම ඇතා ශ්‍රී ලංකාවට අභිමානයකි.
ඇළහැර – නිශ්ශංක වෙලගෙදර